අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ උඩ තියෙනව වගෙ wallpaper එකක් හදා ගන්නෙ කොහොමද කියල
මේ විදියට ඔයාලට අවශ්‍ය කරන size දීල background contents යටතට background color තෝරල ok කරන්ඩ.new layer එක හදන්න කලින් ඔයාල background color විදියට black තෝරන්ඩ ඕනෙ
මේ විදියට background color හදන්ඩ
*දැන් අලුත් layer එකක් හදන්ඩ මේ විදියට
ඔයාල අලුත් layer එක හදපුවාම layer pallet එක මේ විදියට තියෙයි
*දැන් ඔයාල brush tool එක select කරල, soft brush එකක් select කරල පහල විදියට size එක ටිකක් වැඩි කර ගන්න
දැන් ඔයාල කැමති පාටක් brush එක සදහා තොරා ගන්න
ඊට පස්සෙ පල්ලෙහා තියෙනව වගේ brush එක ආදාරයෙන් පාට කර ගන්න ඕන තැන එක පාරක් click කරානම් ඇති
ඔයාලගෙ foreground color-white විදියටත් background color-black විදියටත් හදා ගන්න
ඊට පස්සෙ මේ විදියට කරන්න filter > render > clouds
එතකොට මේ වගේ වෙයි
*දැන් ආයෙත් අලුත් layer එකක් හදා ගන්න ඊට පස්සෙ පහල පෙන්නල තියෙන layer දෙක hide කර ගන්න ඒකට layer එක ඉස්සරහ තියෙන ඇහැ උඩ click කරන්න
දැන් Brush tool එක select කරල round point stiff කියන brush එක select කරල අඩු size එකක් දෙන්න
ඊට පස්සෙ layer එක උඩ right click කරල stroke path ලබා දෙන්න
ඊට පස්සෙ right click කර delete path ලබා දෙන්න
මේ Layer එක කීප වතාවක් duplicate කර ගන්න layer එක උඩ right click කර duplicate layer ලබා දෙන්න
එම Layers ටික mark [ ctrl + click ] කර ගෙන right click කර merge layers ලබා දෙන්න
*අලුත් layer එකක් හදා ගන්න brush tool එක click කර soft brush එකක් select කර size එක තරමක් වැඩි කරන්න ඉන් පසු රූපයේ ආකාරයට layer එක උඩ ක්ලික් කරන්න
ඉන් පසු control button එක ඔබගෙන t අකුර ඔබන්න නත්නම් edit > transform > free transform ලබා දෙන්න
මෙහි ඇති හැඩල ආදාරයෙන් පහත ආකාරයේ හැඩයක් ලබා ගන්න ඉන්පසු enter ඔබා transform තත්වයෙන් ඉවත් වෙන්න
මේ layer එකත් කලින් වගේම කීප වතාවක් duplicate කරල merge කර ගන්න
දැන් මේ merge කරපු layer එකයි, කලින් merge කරපු layer එකයි [pen එකෙන් ඇදල හදපු එක]mark කරගෙන ඒ දෙකත් merge කර ගන්න
ඊට පස්සෙ merge කරපු layer එක අයෙ වතාවක් duplicate කර ගන්න
දැන් move tool එක select කරගෙන duplicate කරපු layer එක ටිකක් move කර ගන්න
ඉන්පසු ඒ layer එකේ opacity එක අඩු කරන්න
දැන් ඒ duplicate කරපු layer එක select කරල filter > blur > Gaussian blur. ඒකට මේ වගේ අගයක් දෙන්න
දැන් ඒ layer එක duplicate කරන්න ඊට පස්සෙ මේ duplicate කරපු layer එකයි Gaussian blur කරපු layer එකයි select කරල merge කරන්න
දැන් පහල ආකාරයට කරන්න
මේ තියෙන Adjustment layer button එක click කරන්න
මෙතන ඔයාල කැමති gradient එකක් තෝර ගන්න
දැන් මේ gradient layer එක select වෙලා තියෙද්දි filter > blur > Gaussian blur එතකොට පහල message එක ආවොත් ok කරන්න
ඉන්පසු මේ ආකාරයට අඩු අගයක් යොදා ok කරන්න
*දැන් අපි hide කර ගත්ත layers නැවත visibility on කරමු ඇස තිබුන කොටුව click කරන්න
මේ වගේ තියෙයි
දැන් නැවත අලුත් layer එකක් අනිත් layer වලට උඩින්ම හදා ගන්න [ උඩම තියෙනlayer එකclick කරලnew layer add කරන්න]
දැන් Adjustment layer button එක click කර solid color ගොස් කලු පාටින් පුරව ගන්න
ඉන් පසු එම layer එකෙහි blend mode එක soft light ලෙස ලබා දෙන්න
දැන් මෙලෙස කරන්න filter >render > lens flare
මෙහි සැකසුම් පහත පරිදි සකසන්න
තවත් අලුත් layer එකක් සාදන්න ඉන් පසු brush tool එක select කරන්න දැන් star brush select කර ගන්න
Brush එක Photoshop වලට ගන්නෙ මෙහෙමයි
1. මුලින්මdownload කරපුfile එකextract කරන්න
2. Photoshop වල brush tool එක select කරල පහත පරිදි කරන්න
දැන් Brush palette එක open කර ගන්න [ window > brush ], [ F5]
මෙලෙස සැකසුම් සකසන්න
දැන් පහල තියෙනව වගේ ඔයාල කැමති විදියට තරු ටිකක් දා ගන්න
දැන් Star add කරපු layer එක duplicate කරල filter > blur > Gaussian blur ටිකක් අඩු අගයක් ලබා දෙන්න
































































No comments:
Post a Comment